විවිධ

 

දෙමාපියන් එකිනෙකා වෙතින් වෙන් වීමෙන් පීඩාවට පත් දරුවකු වටා ගෙතුණු “ග්ලූමි බෝයි” (Gloomy Boy) කෙටි සිනමාපටය සම්මාන ගනනාවකින් පිදුම් ලබයි.
ප්‍රංශයේ ජීවත්වන  ශ්‍රී ලාංකික සිනමාකරුවකු වන රෙෂාන් ප්‍රනාන්දු විසින් ජංගම දුරකථනය භාවිතයෙන් නිපදවා ඇති මෙම චිත්‍රපටය පසුගිය දින ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර පැවති 2016 ජාත්‍යන්තර  ළමා  සිනමා සම්මාන උළෙලේදී   හොඳම  නළුවාට හිමි සම්මානය දිනා  ගැනීමට මෙහි රඟපාන දරුවා සමත් විය.
රටවල් 73 ක් නියෝජනය කරමින් සිනමා නිර්මාණ 700 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරනු ලැබූ මෙම සිනමා උළෙලේ  අවසානයේදී රටවල් 12 ක සිනමාකරුවන්ගේ නිර්මාණ 15 ක් සම්මානයට පිදුම් ලැබූහ. මෙම සිනමාපටයට පකිස්ථානයේ කරච්චි නුවර  පැවති 2015 කෙටි සිනමා සම්මාන උළෙලකදී හොඳම නිර්මාණය ලෙස සම්මානයට පාත්‍රවුයේ මීට මාස කිහිපයකට පෙරය.
එසේම මෙම කෙටි සිනමාපටය ලොව වටා සම්මාන උළෙලවල් කීපයක් නියෝජනය කිරීමට තේරීපත් විය.
********************************


Flag Counter