කවි පිටුව

අරහත් සාදුගෙ උපන් දිනේ..

බැලුවම යූ ටියුබ් එක පහු ගිය        දාක
අරහත් හිමි නමක් තිරයට වැඩි    සේක
සැදැහැති පිරිස් එක් වී මනරම්     ගේක
හිමිගේ උපත සමරති නැහැ දුක සෝක

සූකර මස් සමඟ තව මස් වර්ග    ගොඩයි
කෑම ජාති සිය ගණනකි හරිම       හැඩයි
ඇරයුම් කරපු ලෙස සැරසුම් කරපු වැඩයි
සාදුකාර දෙන සිය ගණනකගෙ      හඬයි

පිං තිබිලා නිසා අප කර ගත්       පොරණේ
සසරම කෙටි උනා දැක සංඝං        සරණේ
මෙතුවක් කල් මගේ සුන්දර දිවි    ගමනේ
මේ වගෙ හිමි නමක් කිසිදා දැක නැහැනේ

සසුනෙහි කියා පැවිදිව බොරුවට    පේවී
බණ පද ගොත-ගොතා අප වෙත පවසාවී
චීවරධාරියන් තැන තැන රඟ           දේවී
බුදු බණ නොවේ වැදු අම්මත්    විකුණාවී

බූ ගා කෙස්ස තට්ටය පෑදෙන       අයුරූ
ඇඳගෙන සිවුරු පාටින් ඇඳුමක්  බහු රූ
හොර සාදුලා මිනිසුන් රවට          අයුරූ
අප මව් බිමේ දක්නට හිතුවද      කවුරූ?

උපසම්පදා සීලය රැක ගන්න               බැරී
දන් පිරිකර ලබයි නම් ලොව කවුරු       හරී
රැක ගන්නට එපා උන් මහ කපටි          නරී
පින-පව ඔබෙයි, දෙන්නට හෝ ගන්න බැරී
ආනන්ද ගුණතිලක


කැලෑ පාලුවන් අභියස සැතපෙන
දෙස්පාලුවන් අභියස ඇඹරෙන
පොලිස්පතිවරයා නවන
රජයේ නිලදරුවන්ට සෘජුවන
අහිංසකයන්ට රළුවන
කම්කරුවන්ට,සිසුනට බැටදෙන
මන්ත්‍රීගෙ පක්ෂය අනුව සෙලවෙන
දමිළ මුස්ලිම් ජාතිවාදයට නිහඬ
ඇතැමෙකුට ධන උල්පතක් වන
ඔබත් මමත් සරණ යන,අහෝ... උත්තරීතර නීතිය
(උගෙ අම්මගෙ නීතිය)




කොවුලෝ   නුඹේ මිහිරි  නද...

අවුරුදු   කොහා    තුරු    මුදුනක      සිට     හඬනා
කන්කලු  ගී  රාව  ශුභ      පනිවිඩයක්         කියනා
නුඹ   අමතක  වූ  දෙයක්   මගෙ  මතකයට   ගෙනා
නොලැබෙන   ළමාවිය  ගැන  මගෙ  හදවත   රිදුනා

එරබදු    පිපේ      තවමත්      දෙවටේ           රතට
ඉතිරිය    වනය  තුරු      මුදුනත             පියඹන්ට
සිනහව       බාල     ලියනගෙ      නෑසුනත්      මට
මට  දුන්    මිහිරට  තුති     පුදනෙමි              නුඹට

යමු  වදුලෙන්  ගමට      එකතුව        අපි   දෙන්නා
දෙන්නම්  කජු  පුහුලන්ද    තවදේ   කැමති   වෙනා
මා තුටු   කරන   ගෙන  යන  බාලෙට       සැනෙනා
කොවුලෝ  උඹ  හැමදාම  හිටපන්   මා       ලඟිනා

තුවෙමු  අපි    ඉපැරණි         අවුරුදු    ගැන   හිතලා
රතිඤ්ඤා    හඬට     නොබියව         ගම   ඇසෙනා
තුරු  මුදුනත       සිට    අවුරුදු     ගැන         කියලා
නොමදෙන්  කඳුලු   මගෙ  දෙනෙතට   ඒ  සැනෙනා

සුමනා සත්කුමාර
**************************************
ඇයද එක් ගැහැණියක්

රත් වූ දෙනෙත්
කාන්තියෙන් දිලිසුණා හැමවිට
වියලුණු දෙතොල් 
තෙත් වෙන්න ආසයි නිතරම

නාඹර වියේ පසු උනත්
වින්ද අපමණ දුක්
වැඩි උනේ වසර හතරක පටන් 
පැලැක් නැති හේනක්
පැතුම් ගොන්නක් සිත තුල
දූට කැළලක් වේද 
නිතොරෝම කුකුසක්

ෆැක්ටරියේ මැනේජර්
හැමදාම රෑ වැඩ
ඇගේ අසරණකමින්
ගන්නවා ප්‍රයෝජන 
අකමැත්තක් නෑ ඇගෙත්
ඊට එරෙහි වන්නට
පෘථක්ජන ගති ඇති
ඇයද එක් ගැහැණියක් . . . .

-මයුර රන්දුනුබණ්ඩාර-



Flag Counter