දේශපාලන

 
අවවාදයයි....!
ඔබ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා. අසුවුවහොත් ආපසු හරවා එවනු ලැබේ. මේ ඕස්ට්‍රේලියානු රජයේ අවාදයකි.
ශ්‍රී ලාංකිකයන් බෝට්ටුවල නැගී මේ යන්නේ මොන තරම් අවදානම් ගමනක්ද ? සමහරු කියන්නෙ අපේ රට හොඳ නැති නිසා එහෙම යනවා කියලයි. තවත් සමහරුන්ට විදේශයකට යාමේ උණක් තියෙනවා. හැබැයි එහෙම ගිහින් සුමාන දෙක යන කොට තේරෙනවා තමන්ගේ රටේ බඩ ගින්නේ මළත් සැපයි කියලා. 
ප්‍රකට දේශකයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල අහනවා අපේ රට ඔය කියන තරම් හොඳ නම් ඇයි පිටරට වලින් අපේ රටට නො එන්නේ කියලා? 

එයාට ටිකක් වැරදිලා.
ලංකාවේ මුස්ලිමුන් කතා කරන්නේ දෙමළ බස. එහෙත්  දෙමළ නොවන අමුතුම බසක් කතා කරන මිනිසුන් රාශියක් විල්පත්තුව - මන්නාරම අසල ගම්වල ජීවත්වෙන බවට ආරංචි වී තිබෙනවා. ගම්මුන් පවසන්නේ ඔවුන් පකිස්තානයේ සිට මාළු අල්ලන බෝට්ටු වල නැගී හොරෙන් ආ අය බවයි.

මෙය අතීතයේත් සිදු වුනා. ලංකාවේ උතුරු මුහුදුකරය මත්ස්‍ය සම්පත් අතින් පොහොසත්. රටේ දේශගුණයද යහපත්. ඒ නිසා තමිල්නාඩුවේ සිට මසුන් ඇල්ලීමට ලංකාවට හොරෙන් ආ අය තාවකාලිකව අපේ රටේ පදිංචි වුනා. සිංහළ රජවරුන් එය නොසලකා හැරියා. නැත්නම් නොදැක්කා වගේ හිටියා.  පසුව බල ලෝභී සිංහළ පාලකයන් ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට උන්ට පුරවැසිකම් දුන්නා. පසුව එය මහා පිළිලයක් වුනා..
ඔබ ලංකාවට බෝට්ටුවෙන් හොරෙන් එන්න එපා.. අසුවුනොත් ඔබ හරවා ආපසු යවනු ලැබේ.
******************************************************************************
වීරවංසගෙ වීර වික්‍රම

විමල් වීරවංස නැවත වතාවක් උපවාසය අත් හරී.
ගියවර මාරාන්තික උපවාසය අත්හළේ ජනාධිපතිගේ මැදිහත්වීම උඩය. " අනේ ජනාධිපති මාමී.. අපේ තාත්ති මැරෙන්නයි යන්නේ.. අනේ එයාව බේරල දෙන්න." ජනාධිපති මාමි ගේ පපුව උණු විය. විගැහින් ගොසින් තැඹිලි ගෙඩියක් පොවා මැරෙන්නට නොදී බේරා ගති.
මෙවර මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් පසු යෝගට් එකක් කා උපවාසය අත් හළේය. උපවාසයට නිමිති වූ කරුණු කාරණා ඉටු වී දැයි මා නොදනී. ඔහොම හැම එකකටම උපවාස කරන්නට ගියොත් නීතිය බැල්ලීටම යනු ඇත. බල්ලාට ගිහින් බොහෝ කල්ය.
රටක නීතිය ගින්දර මෙන් විය යුතුය. ප්‍රබලයාද- දුබලයාද;
ධනවතාද- දුගියාද;
උගතාද-නූගතාද;
කුලීනයාද-කුලහීනයාද එකම විදියට අඩුත් නැතුව-වැඩිත් නැතුව  පිළිස්සිය යුතුය. අවාසනාවකට අපේ රටේ එහෙම එකක් නැත. 
යහපාලන ආණ්ඩුවෙන්  පහුගිය ආණ්ඩුවේ වැරදි කළ උන් අල්ලා හිරේ දමයි. උන් හිටි හැටියේ අසනීප වෙයි. ඊ ළඟට නවලෝකෙට යැවෙයි.
වැලේ වැල් නැතුව , බස් ස්ටෑන්ඩ්වල , ස්ටේසන්වල කැට හොල්ලාපු උන් විප්ලවය අත හැර දමා ආණ්ඩුවට හේත්තු වී ධනපතියන් විය. සමහරු ෆිනෑන්ස් කොම්පනි පිටින් මිළදී ගෙන ඇත. ඒසා විශාල ධනයක් උන් උපයා ගත්තේ කෙසේදැයි සෙවීමට අපේ රටේ නීති පණ මදිය. ආයෙත් උන්ටම කතිරය ගසමු. අපේ රටට අවශ්‍ය වනුයේ දැඩි ස්තිර ප්‍රතිපත්ති ඇති නායකයෙකි. ෆෙඩරල් විසඳුම් , පළාත්සභා හෝ වෙනත් කිසිම යෝජනාවකට ප්‍රභාකරන් කැමති වූයේ නැත. ඉල්ලා සිටියේම වෙනම රටක් පමණි. ඒ වෙනුවෙන් කී දෙනෙක් සිරුරට ගිනි තබා ගෙන ජීවිත පූජා කළෝද ?  කී දෙනෙක් මිනිස් බෝම්බ බවට පත් වුනා ද? 
අපට අවශ්‍ය වන්නේද ප්‍රභාකරන් වැනි නායකයන්ය. 

( විශේෂ ලියුම්කරුවෙකු විසිනි )

****************************************
ඇමතිවරුන්ට සැප වාහන ගන්න රුපියල් මිලියන 288 ක තවත් පරිපූරක ඇස්තමෙන්තුවක් ඉදිරිපත් කිරීමට යයි.
(Daily Mirror - March 24,2017)
*********************************************************************************
මට මතක හැටියට ඒ 1967 දී විය යුතුය. ගමේ දිස්පැන්සරිය ඇතුළු තවත් ගොඩනැගිලි කීපයක් විවෘත කිරීමට පැමිණියේ අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාය. ආරක්ෂාවට සිටියේ කොට කළිසමක් හැඳි එකම එක පොළිස්කාරයෙක් සහ තව ටිකක් ඉහළ මුලාදෑනියෙක් පමණය. උන් අතේ බැටන් පොල්ලක්වත් නොවීය.
( සමහර විට බඩතුරේ සඟවා ගත් ගිනි අවියක් තිබුණාද කියා මා නොදනී)
අනේ එහෙමත් කාලයක් !
දැන් අගමැති තියා පඳුරකට පයින් ගැසූ විට තිහ හතළිහක් විසිවෙන තරමට ඉන්නා සොච්චම් මන්ත්‍රී උතුමෙක් ගමට එන්නේද කුඩා පහේ හමුදාවක් වට කර ගෙනය.  අනෙක් පිළේ පමනක් නොව තම පිළේ එකාද කපා ගෙන , පාගා දමමින් , මහජනතාවට බොරු පොරොන්දු දෙන උන්ට එවන් ආරක්ෂාවක් අත්‍යවශ්‍යය.
      
මේ නෙදර්ලන්තයේ අගමැති රාකාරියට පැමිණෙන ආකාරයයි.
අනේ එහෙමත් රටවල් !
*************************************
මසුරං කියුම්
පෙර පිනට අපට ලැබී ඇති වරප්‍රසාද ගැන විවේචනය කරන්නේ ඒ ගැන නොදන්නා අයයි
බස්‌නාහිර ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය

ලබුගම - ඩේවිඩ් අමරසිංහ

"අපි ඉහත ආත්මවල රජවාසලවල ජීවත් වන්න ඇති. ඒ නිසා අපට මේ තානාන්තර ලැබිලා තිබෙන්නේ. පෙර කර ඇති පිංබලයෙන් අපට ලැබී තිබෙන වරප්‍රසාද ගැන විවේචනය කරන්නේ කිසිවක්‌ නොදන්නා පිරිසක්‌ බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඉළුක්‌ඕවිට කනිෂ්ඨ විද්‍යාලයේ පැවැති උත්සව සභාවක්‌ අමතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ ප්‍රධාන ඇමැතිවරයා, ඔබ සැමත්, මමත්, සීතාවක හා කෝට්‌ටේ රාජධානිවල ජීවත්වන අය පෙර ආත්මවල බොහොම පිංකරලා ඇති. ඒ නිසයි, අද ඔබට ඉඩමක හිමිකම ලැබෙන්නේ. ඔබේ ඉඩම් අයිතිය ලබා දෙන්න පැමිණි මට මේ පොළවේ කිසිම තැනක බිම් අඟලක අයිතියක්‌ නැහැ.

නමුත් පෙර පිං මහිමයෙන් මා අද කැබිනට්‌ ඇමැතිවරයකුට හිමි සියලුම වරප්‍රසාද සහිතව මිලියන ගණනක්‌ වටිනා නිවසක ජීවත් වෙනවා. දැන් බලන්න මහ මග අගුපිල්වල කොතරම් නම් පිරිසක්‌ බිම් අඟලක අයිතිය නැතිව සිටිනවද? ඒ ඔවුන්ට පෙර පිං නොමැති කමිනුයි. මිලියන 20 ක්‌ ජීවත්වන රටේ පාර්ලිමේන්තුවට පත්වන්නේ 225 ක්‌ වැනි සංඛ්‍යාවක්‌. ඒ පිං කරපු පිරිසක්‌. ඒ ගැන විවේචන චෝදනා කරන්නෙ අවබෝධයක්‌ නැති අයයි.
****************************************************
අපට පාර්ලිමෙන්තු ක්‍රමය හඳුන්වා දුන් සුද්දගෙ රටේ පාර්ලිමෙන්තු සැසි වාරයක් සහ (අම්මට) සිරි ලංකා පාර්ලිමෙන්තු සැසිවාරයක් බලන්න.
අපේ පාර්ලිමෙන්තුවේ සාමාන්‍ය පෙළ සමත් නැති ගරු මැති උතුමන් 94 දෙනෙක් ඇති බවට වාර්තා වී තිබෙනවා. අපිට් මුන් ගෙන් මීට වඩා "යහ" හැසිරීමක් බලපොරොත්තුවෙන්න බැහැ. 
                            Democracy                                                 Demo + Crazy                                   
**************************************************************************
හිතවතුනි , මේ වීඩියෝව ප්‍රසිද්ධ තැන් වල බලන්න එපා. කාමරේ දොර වහගෙන හෙඩ් ෆෝන් දාගෙන අහන්න. ඒ තරමටම නින්දිතයි.


ඔබට හිතා ගන්න පුළුවන්ද මේ සිංදුව කියන "මහත්තය" කවුද කියල.
මේ කොළඹ ප්‍රධාන පෙළේ බිග් මැච් සාදයකදී වෙරි වූ මහත්තයෙක්. අනේ මන්ද ? මටත් හරි ලස්සන තරුණ කාලයක් තිබුණ. අපිත් බිග් මැච් වල කෑ ගහල සිංදු කියල තියෙනව. බීල වෙරි වෙලත් තියෙනව. ඒත් මේ වගේ නම්... මූට අම්මෙක් - තාත්තෙක්, සමහර විට දරුවො , සහෝදර සහෝදරියො එහෙමත් ඇති නේද? 

රට වෙනුවෙන් නව ගමනක් යන්නට සැරසෙන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු අපේක්ෂකයෙකු වූ ක්‍රිස්මාල් වර්ණකුලසූරිය තමා අර ප්‍රසිද්ධියේ අමු කුණුහරුප කියන කළිසම්කාර මහත්තයා.
***************************************
බල්ලාගේ එක්ස්කියුස් එක සහ කීර්තිනාම ඉස්කෝලේ මහත්තයාගේ නඩු නිමිත්ත-(නැතහොත් බැඳුම්කරේ)
ඕං ..
හිටියා උදාර කොල්ලෙක් 
ඌට හිටියා හොඳ තඩි බල්ලෙක් 
පළාතේම නෑ එහෙම හොර ගෙඩියෙක්  
උගේ කනේ හිටියා තඩි මැක්කෙක්
දවසක් දා මූ දික් කරගෙන කළු හොම්බත් . කුස්සියට පැනලා , වලඳක තිබිච්ච මාළු කූරියෙක් උස්සන්න හොම්බ දැම්මා විතරයි කුස්සි අම්මාට අහුවුනේය . ඕ තොමෝ, ටොමියාව බෙල්ලෙන්ම අල්ලාගත්තෝය. 
මෙච්චර දවසක් මම බලන් උන්නේ අතටම අල්ල ගන්න , හොර  බල්ලෝ  , අද නම් අතටම අහුඋනා . තොට අදනම් ගහේ  බැඳලා දෙන්නේ .... කුස්සි අම්මා බී වාර්තාව ඉදිරි පත් කලේ , ඇසින් දුටු සාක්කිත් අමුණලාය    
හා හා ඔබතුමි  කලබල වෙන්න එපා , දුටු සියල්ල සත්ය නොවේ ...බුහ්  බුහ්  ...හොරු අල්ලන්න නේ මහත්තයා මාව ගෙනාවේ ගෙදරට ..   
එහෙව් එකේ උඹ කුස්සියට පැනලා ලිප්-බොක්කේ තියන ඒවා හොරෙන් කාපුවහම හරියනවද?
නෝනා,මෙතන තියෙන්නේ වරදවා තේරුම් ගැනීමක්. 
මොකක්ද බොල මෙතන තියෙන වරදවා තේරුම් ගැනීම. 
මේ මගේ කනේ ඉන්න මැක්කා  පේනවද ? ඕකා අර අල්ලපු ගෙදර හොර කිටියාගේ කණේ හිටියේ කාලයක් තිස්සේ .ඔන්න ඔය  මැක්කා තමා ඔය වළඳට හොම්බ දැම්මේ. ඒ සිද්ධිය තමයි ඔබ තුමිය  මම හොම්බ දානවා වගේ දැක්කේ ... හොරකමට 
දෙන දඬුවමක් දෙන්න මේ මැක්කට  ඕං .
බල්ලා  පස්චාත් ගාතය  ඔසවා උගේ කණ කැසුවේය
කීර්තිනාම  ලොකු ඉස්කෝලේ මහත්තයා 55විය තෙක්ම   ගමේ ඉස්කෝලේ ඉගැන්නුවේය. ඉන්පසු තවත් අවුරුදු හතරක් පිනට ඒ දුප්පත් දරුවන්ට ඉගැන්නුවේය.දැනට ඔහු හිඳින්නේ ගෙදරට වී විවේක සුවයෙන් බණ පොතක් කියවා ගෙනය . එක පාරටම ගිය සතියේ දවසක පත්තරේ කියවමින් සිටි ඔහු , කෝපාවිෂ්ට වී පුටුවෙන් නැගිට්ටේය . ඉන්පසු තනියම කෝපයෙන් කියවමින් ගෙතුළ සක්මන් කරන්නට විය .. එදින සවස  ඔහු වේගවත් ගමනින් හන්දියේ මුදලාලි හම්බු වෙන්න ගියේ ගෙදර ඔප්පුවත් කිහිලි ගහගෙනය .

"මුදලාලි මේක තියාගෙන මට ලස්ස 20ක් දෙන්න " ඔහු කෙලින්ම කාරනාවට බැස්සේය 
මොකෝ ඉස්කෝලේ මහත්තයා ලෙඩක් දුකක් වත්ද ? ඔප්පු ඕනේ නෑ..  දැනට ඕනේ ගාන කියන්න 
එහෙම බෑ මුදලාලි මේ නඩුවක් කතා කොරන්න , අබ්බගාත් මහත්තුරු අල්ලන්න සල්ලි ඕනේ .
මොකක්ද අප්පේ නඩුව ?  ඉඩම් ප්රශ්නයක්ද 
නෑ  මුදලාලි , මේක මහා අපහාස නඩුවක් . මම දානවා නඩුවක් ඕකුන්ට ලස්ස පන්සීයක් වන්දි ඉල්ලලා 
මොකක් කිව්වා ?....අපහාස  කවුද මේ ගමේ, අපේ ඉස්කෝලේ මහත්තයාට  අපහාස කලේ ?. .. අනික් අතට ඔන්න ඕවා අල්ලලා දාන්න ඉස්කෝලේ මහත්තයෝ , දැන් කාලේ හැදෙන උන් කියන ඒවා ..
නෑ  ගමේ එකෙක් නෙමෙයි .. ඕකුන් දන්නේ නෑ මගේ හැටි.
කවුරු උනත් කමක් නෑ  ඉස්කෝලේ මහත්තයෝ , ඔය අපහාස නඩු එහෙම දිනන ඒවා නෙමෙයි .
අනේ යන්න මුදලාලි , එහෙනම් ඔය මැති ඇමති වරු දාන්නේ ලස්ස සීයේ හමාරේ අපහාස නඩු තමන්ගේ කීර්ති නාමයට මදි පුංචි කමක් උනාය කියලා .. ඉතින් මගේ නමම කීර්තිනාම වෙච්චි 
දැන් මොකක්ද ඔය ඉස්කෝලේ මහත්තයාට  වෙච්ච අපහාසේ , මොකක්ද නඩු නිමිත්ත 
මේං බලන්න 
කීර්ති රත්න ඉස්කෝලේ මහත්තයා හතරට නැවු පත්තරයක මුල් පිටුවක් පයිල්  කවරයෙන් එලියට ගත්තේය . එහි එක සිරස්තලයක් රතු පෑනකින් රවුම් කර ඇත 
" මේ සියල්ලට වග කිව යුත්තේ , මහා බැංකුවේ නියෝජ්ය අධිකාරි තුමා ...."
මුං කෙලින්ම අපහාස කරන්නේ අපේ බුද්ධියට මුදලාලි මහත්තයෝ, 

(දැන් නැවතත් බල්ලාගේ කතාව කියවන්න )


Flag Counter