රාවණ

"මෙලොව නැත සීතාවන්"
ඒ අපි ඒ කාලයේ කියවපු නවකතාවක්. කතෘ නම් මට මතක නැහැ.  සීතා ප්‍රකට පතිවුර්තාව රැක ගත් කාන්තාවක් හැටියට. ඉතිහාසය සමහර තැන් වල දී ඇති ඉතිහාසමය සාක්ෂි ටිකක් පැටලිලි සහිතයි.

රාවණ රජු මරා දමා සීතා රැගෙන ආපසු ඉන්දියාවට යන රාම කුමරු , රාවණ අතින් සීතා කෙලෙසී ඇති බවට සැක කරනවා. ඒ නිසා ඇය කන්‍යා පූජාවක් කොට තම නිදොස් බව ඔප්පු කළ බවට  කතා තිබෙනවා. 
තවත් ලේඛකයෙකු කියන්නේ රාවණ අතින් සීතා කෙළෙසීමට ඉඩක් නැති බවයි. ඒ සීතා , රාවණගේ දියණිය නිසයි. රාවණ රජුට දාව ඔහුගේ  දේවිය වන මන්දෝදරියට නිවුන් දරුවන් ලැබෙනවා. එක් කෙනෙක් ඉන්ද්‍රජිත් කුමරු. අනෙකා තමා සීතා දේවිය.

රාවණා තම දියණිය දූෂණය කළා නම්...
රාවණ යනු  , රා+වණ  .. සූර්ය පෙළපතයි.  රාවණ ශ්‍රී ලාංකිකයෙක්. 
මම මහ දවාලේ මහ පාරේ ඇවිද යමි. මාත් සූර්ය වංශිකයෙක්. මහා බල සම්පන්න රාවණා මගේ ඥාතියෙක්. මට මහත් අභිමාණයෙක් දැනේ. මට චණ්ඩ හිරු රශ්මිය නොදැනේ.
අද අපේ රටේ තම පියා අතින් දූෂණය වන දියණියන් නැද්ද ?

ලංකාවේ රාජාවලිය පටන් ගන්නේ බටහිර ඉන්දියාවේ සිට  පිටුවහල් කළ විජය ගෙන්. විජය තමා අපේ පළමු රජතුමා. එහෙත් විජය  රජුගේ සිංහාසනය , අසිපත , මාළිගාවේ නටබුන් කිසිවෙක්.. ඉතිහාසඥයෙක් , පුරා විද්‍යාඥයෙක් සොයා ගෙන ඇද්ද ?  නැත.  එහෙත් අපි විජය චරිතය විශ්වාස කරන්නෙමු.

එහෙත් රාවණා සම්බන්ධ සාක්ෂි අපමණයි. නමුත් අප රාවණා පිළිනොගන්නේ ඔහු ගැහැණුන් පැහැර ගන්නා දුෂ්ටයෙක් කියා හංවඩු ගැසී ඇති නිසයි.
ඉන්දියාවේ රාම දේවත්වයෙන් පිදුම් ලබනව. ඒ විතරක් නොව හනුමන්තා කියන වානරයාද දේවත්වයෙන් පිදෙනව. රාමායනය ලිවීමේදී එහි කතෘ ඉන්දියාවට පක්ෂග්‍රාහීව එය රචනා කොට ඇති බව අපට සිතෙනව.
රාම -රාවණ පුවත් ඇසුරෙන් නිර්මාණය වූ මහා භාරත ටෙලිනාට්‍යය විකාශනය වන විට ඉන්දියාවේ ප්‍රධාන නගර වන කල්කටාව , බොම්බේ වැනි නගර ජනශුන්‍ය වන බව කියැවෙනව. එය ලංකාවේද ජනප්‍රිය වුනා.
 

රාමායනය කියවන විට හෝ මහාභාරත් ටෙලි නාට්‍යය නරඹන විට එය අමු මිථ්‍යාවක් කියා සිතෙනව. ඇදහිය නොහැකි සිදුවීම් වලින් එය සමන්විතයි.

රාවණ රජු පිළිබඳ සාක්ෂි ලංකාවේ බහුලයි.
රාවණ රජු ස්නානය කළ තැන රාවණ ඇල්ල. සීතා සඟවා ගෙන සිටි තැන සීතාඑළිය. උඩුරාවණ සහ යටිරාවණ මහනුවරට කිට්ටූ කුඩා ගම් දෙකක්. ඒ රාවණගේ උයන් වතු.
කුඩා රාවණ කෝට්ටේ සහ මහා රාවණ කෝට්ටේ යනු දකුණු දිග මුහුදේ පිහිටි ගල් පර්වත දෙකක්. මේවා සිදුවූයේ කෙසේද ?
රාවණ අරජුට "දසිස්" කියා කියාද කියයි.ඒ හිස් දහයක් ඇති නිසා නොව රාජ්‍යයන් දහයක් පාලනය කළ නිසයි. තවත් කෙනෙක් කියන්නේ ලෝක දහයක් පාලනය කළ බවයි. ඒ සෞර ග්‍රහ මණඩලයේ ඇති ග්‍රහයින් 9 දෙනා සහ සූර්යායි.

අරිසෙන් අහුබුදු කියන්නේ රාවන යනු සූර්ය පෙළපත බවයි.
අප ඇත්තටම සූර්ය වංශිකයන්ය.
හිරු දෙවියන්ගේ නෑයෝ
සඳ දෙවියන්ගේ නෑයෝ
ආදි අපේ මුතුන් මිත්තෝ
ඉරෙන් සඳෙන් වැඩ ගත්තෝ

තව කොටසක් ලබන කලාපයෙන්..



Flag Counter